දින 292කින් රටේ වෙනසක් වන බව ඩලස් කියයි

Share

රට ගැන මෙන්ම රටේ අනාගත පරපුර ගැන සිතා කටයුතු කරන නායකයෙකු අවශ්‍ය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාද එක්ව සිටියේය.

අද වන විට රටේ ඇති ප්‍රශ්න තේරුම් ගත හැකි නායකයෙක් අවශ්‍ය බවත්, තව දවස් 292 කින් මේ රට වෙනස් කරන තීන්දුව ගත හැකි බවට තමා විශ්වාස කරන බවද මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

දේශපාලන පක්ෂයක් අවශ්‍ය නොවන බවත්, අද වන විට ප්‍රශ්නය ඇත්තේ පාට පාට කොඩිවලට නොව ජාතික කොඩියට බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යවස්ථා දායක සභාව තුළින් අද වන විට කොතරම් පහත් දේශපාලන ක්‍රියාවලියක යෙදෙනවා ද යන්න පිළිබඳව දිනෙන් දින දැකිය හැකි බව ද මෙම අවස්ථාවට එක් වු මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

අද වන විට ශක්තිමත් ආණ්ඩුවක් හෝ වැඩපිළිවෙලක් නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

Read more

Local News