Tuesday, March 19, 2024.

තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙක් මද්දකට හසුවි මියයයි

Share

හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු අද(16) අලුයම මන්දකට හසු වි මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

කිසියම් පිරිසක් වල් ඌරන් දඩයම් කිරිම සඳහා අටවා තිබු මන්දකටයි දිවියා හසු වි ඇත්තේ.

ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් පසුගිය කාලයේ දිවියන් සැරිසැරිම නිසා වන ජිවි නිලධාරින් තේ වත්තේ සැරිසැරු දිවියන් රක්ෂිත වලට පලවා හැරිමට විශාල මෙහෙයුමක්ද සිදු කරනු ලැබුහ.

වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි දිවියෙකුයි මෙසේ මන්දට හසු වි මි ගොස් ඇත්තේ.

අඩි 4 ක් පමණ දිගකින් සහ අඩි 3 ක් පමණ උසකින් යුත් හොදින් වැඩුණු මෙම දිවියාගේ උදරය මන්දට හසු වි ඇති අතර මන්දෙන් බේරිම සඳහා දිවියා උත්සහ කළ අවස්තාවේ දිවියා එම මන්දට හිර වි මිය ගිය බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

මිය ගිය දිවියා මිට ප්‍රථම මෙවැනි මන්දකට හසු වි ඉන් බේරි ඇති බව දිවියාගේ ගෙල වටා ඇති තුවාලයකින් තහවුරු වන බව වනජිවි නිලධාරින් පැවසිය.

මිය ගිය දිවියා සම්බන්ධයෙන් දිඹුල පොලිසිය සහ නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන්ව පරික්ෂණ පවත්වන අතර මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා උඩවලව පශු සම්පත් රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කරන බව වන ජිවි නිලධාරින් පැවසිය.

Read more

Local News