Tuesday, March 19, 2024.

20වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව රටේ සියලු ජාතීන්ව රවට්ටන බව මහින්ද කියයි

Share

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුව රටේ සියලු ජාතීන් රැවටීමට ලක් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව සමඟ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී ඔවුන් අදහස් දක්වමින් පැවසුවේ සිංහල ජනතාව අතර 20වන සංශෝධනය ගැන කථිකාවක් ආරම්භවී තිබුනත් දෙමළ බස කතාකරන ජනතාව අතර එවැනි කථිකාවක් නොමැතිබවත් මුස්ලිම් දෙශපාලන නායකයින් මෙය තම ජනතාව අතරට යෑමට නොදී වසන්කරගෙන සිටිනා බවයි.

සිංහල මාධ්‍ය තුළ යන ප්‍රවෘත්ති දෙමළ මාධ්‍යයට පරිවර්තනය වීමෙදී හා දෙමළ මාධ්‍යයේ යන ප්‍රවෘත්ති සිංහල මධ්‍යයට පරිවර්තනය වීමේදී විශාල වෙනසක් පවතින බැවින් නිවැරදි දේ සාමාන්‍ය ජනතාවට දැනගැනීමට නොහැකි බවද එම පිරිස පවසයි.

එමෙන්ම මුස්ලිම් නායකයින් පසුගිය දිනවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටි බවද ඔවුන් ප්‍රකාශ කළේය.

නමුත් මුස්ලිම් ප්‍රජාව තුළ හැමදෙනාම මෙය අනුමත නොකරන අතර ඔවුන් පෙනී සිටින්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව තම අමාත්‍ය දූර රැකගැනීමට  පමණක් බවද එම සංවිධාන එකමුතුව පවසයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඔවුන් ඇතැම් විට මෙය කෙටුම්පතක් පමණක් බවද තවත් විටක එය යෝජනාවලියක් පමණක් බවද පවසන බවයි.

මෙමගින් දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම්, සිංහල සියලු දෙනාම රැවටීමට ලක් වන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

Read more

Local News