හැටන්, කොටගල, ස්ටෝනකිල්ප් වත්තේ වගා බිමක් ආසන්නයේ කම්බියක පැටලී මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ මළ සිරුරක් ඊයේ(16) දින හමු වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පැවසීය.
හොදින් වැඩුණු අඩි පහක පමණ දිගකින් යුතු මෙම කඳුකර කොටියාගේ මළ සිරුර එම වත්තේ වතු කම්කරුවන් දැක පොලීසියට පවසා තිබේ.
කොටගල ප්‍රදේශයේ තේ වතු අවට කඳුකර කොටියන් පසුගිය කාලයේදි නිරන්තරයෙන්ම සැරි සරමින් සිටිය බවත් මේ හේතුවෙන් තමන් දැඩි බියට පත්ව සිටි බව වතු කම්කරුවන් පැවැසීය.
මෙම කඳුකර කොටියා මෙසේ කම්බියක පැටළීමෙන් මිය යෑමට හේතුව සොයා බැලීම සඳහා එම සතාගේ මළ සිරුර නල්ලතන්නිය වනජීවි නිලධාරී කාර්යාලයට භාර දීමට පියවර ගන්නා බව දිඹුල- පතන පොලීසිය පවසයි.