Tuesday, March 19, 2024.

කිරිපිටිවල අන්තර්ගතය පරීක්ෂා කරන්න බෑ

Share

කිරිපිටිවල අන්තර්ගතය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොහැකි බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේ ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් හෝ ආගන්තුක දෑ අඩංගු ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමේ කිසිදු හැකියාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත නොමැති බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි පිළිබඳ සාම්පල් නියැදි ලබාගැනීම අධිකාරිය විසින් සිදුකරන අතර එම සාම්පල වෙනත් රාජ්‍ය ආයතන වෙත යොමුකර පරීක්ෂණ වාර්තා ලබාගැනීම සිදුකරනු ලබයි.

එහෙත් මෙරට ඇති එවැනි ආයතන කිසිවක් කිරිපිටි සම්බන්ධ පරීක්ෂණයක් සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති බව ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.

Read more

Local News