ගිනි අවි හතරක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

අගලවත්ත, පිඹුර ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි 04ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී විදේශිය නිෂ්පාදිත පිස්තොලයක්, බෝර 12 ගිනි අවි 2ක් සහ ඩබල් බැරල් ගිනි අවියක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් අගලවත්ත පිඹූර ප්‍රදේශයේ පදිංචි 22 සහ 32 හැවිරිදි අය බවටයි වාර්තා වන්නේ.

ඔවුන් අද(18) මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News