ජාතික ආණ්ඩු ප්‍රතිපත්තියට විරුද්ධ බව මහින්ද කියයි

Share

තමා ජාතික ආණ්ඩු ප්‍රතිපත්තියට විරුද්ධ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෝට්ටේ මහින්දාරාම විහරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඇමතිධූර වැඩි කර ගැනීමේ අරමුණින් ගෙන ඒමට බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුවකට තමා කිසි විටෙකත් එකඟ නොවන බව ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ව්‍යවස්ථා දායක සභාව සම්බන්ධයෙන් ඇති ගැටළු සඳහා ද පාර්ලිමේන්තු විවාදය තුළින් සම්පූර්ණ විස්තරයක් එළියට එනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

19 වන ව්‍යවස්ථාව සමඟ ව්‍යවස්ථාදායක සභාවට එකඟතාවය දැක්වුයේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදින් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ, “මම එැවනි දේකට අත ඉස්සුවේ නැහැ“ යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාද අදහස් පල කරමින් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත්වු අවස්ථාවේ බටහිර හා සියලු රාජ්‍ය නොවන සංවිධාන බහුතරය පිළිබඳ විමසු බවත්, වත්මන් ආණ්ඩුවේ බහුතරය ඇත්තේ කොහේ ද යන්න තමා ප්‍රශ්න කර සිටින බවයි.

බහුතරය නොමැති වීමෙන් අද වන විට බහුතරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් හට ගෙන ඇති බවත්, අදා රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගන්න දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දුන් බවත් පැවසු සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, අද වන විට දෙමළ ජාතික සන්ධානය ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බව ද පැවසීය.

උතුරේ හා නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානය විසින් රවටා ඇතැයි සිතීම නිසා ඔවුන්ට අර්බුදයක් ඇති බවත් මැතිවරණයකට යෑමේ දී ජාතික ආණ්ඩුවට සහය නොදී සිටීමට ඔවුන්ට සිදුවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News