ආලංකුඩා වෙරළෙන් පිරිමි මළ සිරුරක් සොයා ගනී

Share

කල්පිටිය, ආලංකුඩා වෙරළ තිරයේ තිබී අද(18) උදෑසන නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇති බව නොරෝච්චෝල පොලීසිය පවසයි.

මෙසේ ගොඩ ගසා තිබු මළ සිරුර වයස අවුරුදු 40 කට ආසන්න පුද්ගලයකු බවට සැක කෙරේ.

ඔහු නිල් පැහැති කලිසමකින් හා නිල් පැහැති කොටු සහිත ටි ෂර්ට් එකක් හැඳ සිටි බව ද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නොරෝච්චෝල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News