යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙට සිට

Share

දැනට භාවිතා කෙරෙන සියලුම යාන්ත්‍රික කියත්(Chainsaw Machinnes) ලියාපදිංචි කිරීම හෙට(20) සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙය ක්‍රියාත්මක බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිතාකරන සියලුම යාන්ත්‍රික කියත්, ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතු බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණයි.

එම ලියාපදිංචි කිරීම පෙබරවාරි මස 28 වැනිදා වන විට අවසන් කළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ලියාපදිංචිය පසු හඳුනා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් හා අංක තහචුවක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

අවශ්‍ය උපදෙස් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත්සඳහන් කරයි.

Read more

Local News