දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

Share

බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතාව අද (19) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බූස්ස රත්නඋදාගම ගම්මානයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් වින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණි.

නිවැසියන් පවසන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් මෙලෙස ඔවුන්ව රැගෙන ගිය බවයි.

ඒ රසේන් චින්තක, මංජුල අසේලගේ නිවසට පැමිණ සිටි අවස්ථාවකදීය.

පැහැර ගැණුනු පුද්ගලයින්ගේ ඥාතීන්ට පසුගිය 6 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබූ අතර, එහි සඳහන්ව ඇත්තේ නූපේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පැහැර ගොස් පහර දී ඇති අතර එහිදී ඔවුන් ඝාතනයට ලක්ව ඇති බවයි.

අදාළ ලිපිය පිළිබඳ ඥාතීන් පොලිස් ස්ථාන කිහිපයකටම මෙන්ම පොලිස් මූලස්ථානයටද දැනුම් දි තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාළව කරගෙන යනු ලබන පරීක්ෂණ අතරතුරදි ඊයේ (18) පස්වරුවේ දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා ගාල්ලේදි අත්අඩංගුවට ගත්තේය.

මේ අතර දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත තාවකාලිකව මාරු කර යැවීමට ද පෙරේදා (17) පොලීසිය පියවරගත්තේය.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන් වි අදට දින 27 ක් ගත වී තිබේ.

Read more

Local News