“ගම හදාගමු “ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන 21දා සිට

Share

දිළිදුකම පිටුදැකීම සඳහා වු ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපෘතියට සමගාමීව “ගම හදාගමු “ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එළඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය පවසයි.

ජනාධිපතිවරයාගේ නියමයෙන් එහි පළමු අදියර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ගම්මාන 141ක් තුළ දියත් කිරිමට නියමිත බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසුවේ.

එහි සමාරම්භය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා(21) හම්බන්තොටදි පැවැත්වෙන බවද මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News