ඖෂධ මිල අඩුකිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම රෝගීන් ලැබූ විජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය 2016 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

එම වාර්තාවට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරීම සහ සීනි පරිභෝජනය අවම කිරීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරයි. ඒ පිළිබඳව සෙසු රටවල් අධ්‍යයනයක නිරත විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර,අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම බෝනොවන රෝග අවම කිරීම සඳහා රුකුලක් වන බවද පෙන්වා දෙයි. අත්‍යාවශ්‍ය ඖෂධ වල මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අධ්‍යයනයක නිරත වී ඇත.

එහිදී වැදගත් තොරතුරු රැසක් හෙළි වූ බවත් එම ක්‍රමවේදය සාර්ථක ක්‍රියාවලියක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ශ්‍රී ලංකාව රෝගී අයිතිවාසිකම් රැක ගැනීම සාක්ෂි සහිතව මෙහිදී පෙන්වා දී ඇත. එමගින් රෝගී ජනතාවට මූල්‍ය පහසුකමක් ද ලැබී ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම විශ්වීය සෞඛ්‍ය රැකවරණ මූලධර්මයට ද රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටියි. තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read more

Local News