සියලුම මන්ත්‍රීවරුන් දැරිය යුතු වගකීමක් ගැන අර්ජුන කියයි

Share

පළාත්සභා මැතිවරණය පැවැත්වීමේ වගකීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් දැරිය යුතුබව ප්‍රවාහන හා සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒකල ප්‍රදේශයේදී මාධ්‍ය වත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

225 ම එක්වී මැතිවරණ තීරණය කරන බවත්, එහි වගකීම සියලු දෙනා සතු වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

නමුත් ජනාධිපතිවරයාට පමණක් ජනාධිපතිවරණය ඉක්මනින් ගැනීමේ හැකියාව පවතින අතර, අනෙක් සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ එක් වී තීරණය කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක් එක් පුද්ගලයින් පවසන දේවල් පිළිබඳ ගණන් ගත යුතු නොවන බවත් පැවසු අමාත්‍යවරයා වැඩක් නොකරන පුද්ගලයින් විසින් නොයෙක් ප්‍රචාරයන් සිදු කරනු ලබන බව ද පැවසීය.

ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අද වන විට ක්‍රිකට් විනාශ කර ඇති බවත්,හිටපු ඇමතිවරු හා ක්‍රිකට් පරිපාලනය විසින් එම තත්ත්වය උදාකර ඇති බවයි.

පසුගිය තරගයේ දී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක ගත හැකි වු බවත්, ඔවුන්ව නිසි ලෙස කළමණාකරණය කර ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එළඹෙන ක්‍රිකට් නිලවරණයේ දී නිවැරදි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඉන් පසුව මෙම තත්ත්වය වෙනස් විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News