ජනපති නොකළ දෙයක් ගැන රාජිත කියයි

Share

කිරිපිටි සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් ඇත්නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට හැකියාව තිබුණද, ජනාධිපතිවරයා එලෙස කටයුතු නොකළ බව සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

කිරිපිටි දේශපාලන විෂයක් නොව, පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් බවත්, රටට කිරිපිටි ආනයනය කරනවාද, නැද්ද යන්න පිළිබඳ වෙනම තීන්දුවක් ගත යුතු බවත් කිරිපිටි සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

වේදිකාවල කෑගසන දේශපාලනඥයන් බහුජාතික සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන ලෙසද පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“කිරිපිටි දේශපාලන විෂයක් නොවෙයි. පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක්. රටට කිරිපිටි ආනයනය කරනවාද, නැද්ද යන්න පිළිබඳ වෙනම තීන්දුවක් ගත යුතුයි. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සමග වාද කරලා මවුකිරි ලබාදීමේ යෝජනාව සම්මත කර ගත්තා. ්ම‍

මම කටින් කයිවාරු ගහලා නැහැ. මම වේදිකාවල සහ මාධ්‍ය හමුවල කයිවාරු ගහන දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බහුජාතික සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන්න කියලා.

කිරිපිටි සම්බන්ධයෙන්ද මාධ්‍ය හමු සහ වේදිකාවල කෑගහලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සියයට 10ක් වන අතර, සියයට 90ක්ම පිටිකිරි භාවිත කරනවා. කිරි යනු පෝෂණයට අදාළ කරුණක්. ඇතැම් අය ප්‍රකාශ කරනවා කිරි නොමැතිව ඉන්න පුළුවන් කියලා. පොහොසතුන්ට පුළුවන් වුණත්, ගමේ දුප්පත් මිනිහට එය අමාරුයි.

ජනාධිපතිවරයාට කිරිපිටි ප්‍රශ්නය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කරන්න තිබුණා. එතුමා එලෙස කටයුතු කළේ නැහැ. කිරිපිටි ප්‍රශ්නය දේශපාලන වේදිකාවලදී භාවිත කරන්න එපා. ” යැයි පැවසීය.

Read more

Local News