ජල සම්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Share

ජල සම්පත් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සේනකද සිල්වා මහතා පත් කර තිබේ.

එංගලන්තයේ කාඩිෆ් මෙට්ට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශාරද උපාධිය හදාරා ඇති ඒ මහතා තොරතුරු තාක්ෂණ විශය පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකු ද වේ.

හමුදා බුද්ධි කමාන්ඩර් රෙජිමේන්තුවේ දශකයකට ආසන්න කාලයක් සේවය කර ඇති ආචාර්ය සේනකද  සිල්වා මහතා හමුදා බුද්ධි පාසලේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යශයේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජේෂ්ඨ උපදේශකයෙකු ලෙසද, ජනතා වතු කළමණාකරණ සහ සංවර්ධන අමාත්‍යශයේ ජේෂ්ඨ උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.

ආචාර්ය සේනකද සිල්වා මහතා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද, ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයාලෙස කටයුතු කළ අවධියේදී එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ සිවිල් සම්බන්ධතා සම්බන්ධීකාරකවරයා ලෙසද තම දායකත්වය සපයා ඇත.

වර්ථමාන්යේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ජේෂ්ඨ කමි‍ටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා මෙරට සහ විදේශීය පුද්ගලික සමාගම් කිහිපයකම සභාපතිධූර සහ අධ්‍යක්ෂකධූර උසුලයි.

ජල සම්පත් මණ්ලයේ සභාපතිවරයා ලෙස පත්වීම් ලිපිය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා අතින් ඊයේ( ‍20) ලබා ගත්තේය.

Read more

Local News