දැරණියගල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකරන්නෑ

Share

දැරණියගල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව වාර්මාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

දැරණියගල රූකාශන ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ජලාශය උස් කිරීමටත්, දැරණියගල නගරය නගරය යටවෙන ආකාරයට ජලාශයක් ඉදිකරන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා  පාර්ලිමේන්තුවේ යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“කොළඹ ගංවතුවෙන් යටවෙන නිසා ඉහළ ප්‍රදේශවල ජලාශ 4ක් ඉදිකිරිමට යෝජිතව තිබුණත් දැන් විකල්පවලට යොමුව තිබෙනවා. දැරණියගල යටවෙන්න දෙන්නේ නෑ. ජනතා විරෝධයක් තිබෙන ව්‍යාපෘතියකට අත ගහන්නේ නෑ”

Read more

Local News