මත්ද්‍රව්‍යවලට එරෙහි කි‍්‍රයාන්විතයේ වඩා යහපත් තත්ත්වය වසර මැද දී

Share

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ කි‍්‍රයාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන පුළුල් සහ ශක්තිමත් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද(21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති ග‍්‍රාමශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දිළිදුකමින් පීඩාවිදින ජනතාව ඉන් මුදාගෙන ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථිකය ඉහළනැංවීම ග‍්‍රාමශක්ති වැඩපිළිවෙළේ අරමුණ බවයි.

මත් උවදුර පාලනය ඇතුළු ජනතාව දිළිදුකමට ඇද දමන සියලු තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් ආර්ථිකයක් සහිතව ස්වශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනැගීමට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටුවෙමින් තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ග‍්‍රාමීය දිළිඳු ජනතාව මහත් පීඩාවකට ලක් කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව ද ඉදිරියේ දී රජයේ මැදිහත්වීම සිදුකරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ විශේෂ සතියක් ද ප‍්‍රකාශයට පත් කොට එම වැඩසටහන් වේගවත් කිරීමට මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

ග‍්‍රාමශක්ති වැඩසටහන මෙම වසරේ දකුණු පළාත තුළ කි‍්‍රයාත්මක කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 428 කි.

එකළොස් ලක්ෂ දහතුන් දහස් තුන්සිය හතළිස් පහක(11,13,345) ජනතාවක් ජීවත්වන ගාල්ල දිස්ති‍්‍රක්කයේ මේ වන විට දරිද්‍රතා දර්ශකය 2.9‍්‍ර කි.

අට ලක්ෂ පනස් එක් දහස් තුන්සිය තිස් හතක් (8,51,337) ජීවත්වන මාතර දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 4.4‍්‍% ක් වන අතර හයලක්ෂ හතළිස් හයදහස් හාරසිය අනු තුනක් ජීවත්වන හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතා දර්ශකය 1.2‍්‍%කි.

දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම ජනතාව ඉලක්ක කර ගනිමින් ග‍්‍රාමශක්ති වැඩසටහන මෙම වසරේ දකුණු පළාත් තුළ විධිමත් සහ කාර්යක්ෂම අන්දමින් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා වෙන් කර ඇති සියලු ප‍්‍රතිපාදන නිසි ලෙසම එම ජනතාව වෙනුවෙන් යෙදවීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මෙතෙක් දකුණු පළාත් තුළ කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා බඳුන් විය.

එමෙන්ම වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි, කැළි කසළ බැහැරකිරීමේ ගැටලුව ඇතුළු පළතේ ජනතාව මුහුණ දී තිබෙන සෙසු ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Read more

Local News