විජයකලාට එරෙහි පැමිණිල්ල මැයි මස යළි කැඳවයි

Share

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර සිටින ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 10 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පොලිස් කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව පැමිණිල්ල නැවත මැයි මස 10 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට දැනුම් දුන්නාය.

Read more

Local News