තෙරෙසියා වතුයායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයක

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරෙසියා වතුයායේ වතු අධිකාරිවරයාව පාලන අධිකාරියෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම වතු යායේ වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කරමින් එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට තුන් වන දිනටත් අද(22) උද්ඝෝෂණයක නිරත විය.

එම වතුයායේ වතු අධිකාරිවරයා වතුයාය නිසිලෙස පාලනය නොකරන බවත්, තේ වතු කැලෑ බවට පත් විම නිසා තමන්ට දෛනික ලබාදෙන වැඩ කරන දින ගණනද අඩු විම හමුවිම හමුවේ තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

දින තුනක් තිස්සේ වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණය කිරිම සම්බන්ධයෙන් මඩොල්සිම වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි අතුල විජේවර්ධන මහතා උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් සමඟ අද සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවේදි ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරිවරයා උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ වතු කම්කරුවන් සිදු කරන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා සතියක් ඇතුලත එයට විසදුමක් ලබාදෙන බවයි.

වතු කම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම වතු යායේ වතු අධිකාරි සුගත් ආරියරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ වතු කම්කරුවන් නගන චෝදනා පදනම් විරහත බවයි.

කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තම වතුයායට අයත් කොටසේ අනවසරෙන් විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත රාත්‍රි කාලයේ මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරගෙන යන බවයි.

එම මැණික් ජාවාරම සිදු කරගෙන යාමට එරෙහිව නිතිමය පියවර ගැනිම සහ එයට විරුද්ධ විම හේතුවෙන් වතු කම්කරුවනව උද්ඝෝෂන වලට පොලඹවා මැණික් ජාවාරම්කරුවන් තමන්ව වතු පාලන අධිකාරියෙන් ඉවත් කිරිමට සැලසුමක් දියත් කර ඇති බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ .

Read more

Local News