උමා ඔය ඉදිකිරීම් අගෝස්තු මාසය වන විට නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Share

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92‍%ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිතුමා ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට දැනුම් දුන්නේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (22) එක් වෙමිනි.

මෙරට කි‍්‍රයාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමා ඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 535 කි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිමවෙමින් පවතී.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ කන්නයේ වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතය.

ජලාශයේ ප‍්‍රධාන උමගේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක් විය.

Read more

Local News