පොලිස්පති වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙක්

Share

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජිත පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය සමුළුවකට සහභාගී වීම සඳහා පොලිස්පතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සදහන්.

අද (24) ආරම්භ වන සමුළුව මාර්තු මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News