සියෙරා ලියෝන්: නාය යාමෙන් මරණයට පත් සංඛ්‍යාව ඉහළට

Share

ෆ්‍රීටවුන් අගනුවර ආසන්නයේ සිදු වූ නාය යාමට හසුව විපතට පත් වූවන් සොයා කෙරෙන බේරා ගැනීමේ මෙහෙයුම් යළි ක්‍රියාත්මක බව සියෙරා ලියෝන්හි බලධාරීහු පවසති.
මඩ තට්ටු සහ ගංවතුරට හසුව තුන්සියයකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එරට බලධාරීහු කියා සිටියහ.
සඳුදා (අගෝස්තු 14) රාත්‍රියේ අඳුර වැටීමත් සමග බේරා ගැනීමේ මෙහෙයුම් නවතා දැමිණි.
අනතුරුදායක කලාපයෙන් ඈත්ව සිටින ලෙසත් සංසුන්ව කටයුතු කරන ලෙසත් සියෙරා ලියෝන්හි ජනාධිපති අර්නස්ට් බායි කොරෝමා එරට ජනතාවගෙන් ඉල්ලා සිටී.
රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ඔහු විසින් වත්මන් තත්ත්වය විග්‍රහ කරනු ලැබුවේ “ජාතික ව්‍යසනයක්” ලෙසය.
ඒ සඳහා අවශ්‍ය පියවර ගනු වස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News