කාසල්රී හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහත බසී

Share

ප්‍රමාණවත් වැසි නොලැබිම නිසා ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනයට තර්ජනයක් එල්ල වෙමින් පවතින අතර ඉදිරියටත් මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට මාස කීපයක් තිස්සේ පවතින දැඩි වියලි කාළගුණය හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඊයේ (24) පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 56ක් හා 44 වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවන් ප්‍රකාශ කර අැත.

ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාර සඳහා විදුලිය නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

ජලය සීඝ්‍රයෙන් පහත බැස යාමත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට යටවී තිබූ පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් අතරින් බෞද්ධ විහාරස්ථානයේ පිහිටි සමාධි පිළිමය, දිරා පත් වූ බෝධිරුක, ශ්‍රී ෂන්මුගනාදන් හින්දු දේවස්ථානය, ඝණ දෙවි කෝවිල, ඉස්ලාම් පල්ලිය හා ගල් ආරුක්කු පාළම ජලයෙන් ගොඩ වෙමින් පවතින අයුරු දැකගත හැකිය.

Read more

Local News