ස්වයං රැකියා නියුක්තිකයින්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට

Share

බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල විසිරි සිටින ස්වයංරැකියා නියුක්තිකයන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් අලෙවි කර ගැනීම සඳහා උපකාරි වන්නා වූ අලෙවිකරණ සහ ප්‍රචාරණ යාන්ත්‍රණය හඳුන්වාදෙන “දිරියට හෙටක්” ව්‍යාපෘතිය යටතේ සකස් කෙරුණු තොරතුරු හා දුරකථන නාමාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ(25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ මගපෙන්වීම අනුව බස්නාහිර පළාත් ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශය “දිරියට හෙටක්” ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන අතර විවිධ වූ ස්වයං රැකියා නියුක්තිකයන් සහ සාමාන්‍ය පාරිභෝගිකයන් එකිනෙකට සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

එමඟින් ස්වයංරැකියා නියුක්තිකයන් හට වඩාත් පුළුල් වෙළෙඳපොළක් විවෘත වන අතර සාමාන්‍ය පාරිභෝගික ජනතාවට තම පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් කඩිනමින් සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව සැලසේ.

බස්නාහිර පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි සියලු ග්‍රාම සේවා වසම් නියෝජනය වන පරිදි විවිධ ස්වයං රැකියාවන්හි නියුතු පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කොට තෝරා ගන්නා ලද ස්වයංරැකියා නියුක්තිකයන්ගේ තොරතුරු දුරකථන නාමාවලි, මේ සඳහා විශේෂයෙන් සැකසු ඵදඉසකැ ්චච හා වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබ්.

මුද්‍රිත දුරකථන නාමාවලි 20,000ක ප්‍රමාණයක් බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංවිධාන හරහා බෙදාහැරිමට නියමිත අතර, වෙබ් තාක්ෂණය ඔස්සේ දුරකථන නාමාවලි පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතී.

දුරකථන නාමාවලි පහසුකම ඉතා පහසුවෙන් ලබාගත හැකි වන පරිදි මේ සඳහා විශේෂයෙන් සැකසූ මෘදුකාංග නොමිලේ ජංගම දුරකථන සඳහා බා ගත කිරීම හා පරිශීලන පහසුකම සලසා තිබේ.

දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධවීම මඟින් ස්වයංරැකියා නියුත්තිකයකු පිළිබඳ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව භාවිත කරන්නාට සැලසේ.

Read more

Local News