අධිවේගී මාර්ගවල ගමන් කරන රථවාහන සඳහා මුදල් මඟින් ගාස්තු ගෙවීමේ ක්‍රමය ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය දක්වා වැඩි දියුණු කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය යටතේ පවතින අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ මේ වන විටත් ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් ක්‍රියාත්මක වන බවයි.
2020 වසර වන විට රට තුළ ක්‍රියාත්මක සියළු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රමය හේතුවෙන් පිවිසුම් දොරටු අසල රථවාහන නතර කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර එමඟින් පිවිසුම් දොරටු ආශ්‍රිතව පවතින තදබදය අවම වන බව එස්. ඕපනායක මහතා සඳහන් කරයි.
හුවමාරු මධ්‍යස්ථානයන් අවට පාරිසරික හානි අවම වීම මෙන්ම වඩාත් පහසු මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රමය හරහා වංචා සිදුවීම ද අවම වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.