අනවසර මැණික් ගැරීමක් නිසා විශාල පරිසර හානියක් – ඡායාරූප

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ කෙසෙල්ගමුඔය අසල වතු මායිමේ මැණික් ජාවාරම්කරුවන් පිරිසක් විශාල පරිසර හානියක් සිදු කරමින් සිදු කරන අනවසර මැණික් ගැරිමක් හේතුවෙන් වතු පාලන අධිකාරියට ගැටළු රැසක් මතු වි ඇති බව එම වතු යායේ වතු අධිකාරි සුදත් ආරියරත්න මහතා පැවසිය.

බගවන්තලාව ප්‍රදේශයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ කොටසක් පොලිතින් උර යොදා ගනිමින් අවහිර කර වතු මායිමෙන්ද විශාල භුමි ප්‍රමාණයක් බලහත්කාරෙන් අල්ලාගෙන බගවන්තලාව ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවන් පිරිසක් තම වතුයායේද වැඩ නොකරන වතු කම්කරුවන් පිරිසක් එක් කරගනිමින් මෙම අනවසර මැණික් ගැරිම දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද සිදු කරගෙන යන බවයි වතු අධිකාරිවරයා කියා සිටින්නේ.

කෙසෙල්ගමුඔය අසල පිහිටි තම වතුයායේ වතු කම්කරුවන් පදිංචිව සිටින වතු නිවාස පේලියෙන් ඉතා සුක්ෂම ලෙස විදුලි බලය ලබාගෙන විදුලියෙන් ක්‍රියාකරන පිටතට ශබ්දය නොඇසෙන සේ ජලය ඉසින මොටර් යොදා ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරන බවයි වතු අධිකාරිවරයා කියා සිටින්නේ .

මෙම අනවසර මැණික් ගැරිම හේතුවෙන් විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩ ගෙන එම මැණික් ඉල්ලම් කෙසෙල්ගමුඔයටම සොදන බවත්, මෙම අනවසර මැණික් ජාවාරම්කරුවන් පිලිබඳව තමන් බගවන්තලාව පොලිසියට සහ පොලිස් විශේෂ කාරියය බලකායේ නිලධාරින්ට කරන ලද පැමිණිලි මත එම ජාවාරම්කරුව් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත අවස්තා කිහිපයකදි ඉදිරිපත් කර ඇතත් එම ජාවාරම්කරුවන් වතු පාලන අධිකාරියටද විවිධ බලපැම් සහ තර්ජන සිදු කරමින් තවදුරටත් මෙම අනවසර මැණික් ගැරිම සිදු කිරිම නිසා තම වත්තේ පාලන කටයුතු පවා සිදුකරගෙන යාමට දැඩි තර්ජනයක් එල්ල වි ඇති බවයි වතු අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

Read more

Local News