මහා පරිමාණයේ වැලි ජාවාරමක් වටලයි

Share

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් නීති විරෝධීව වැලි කපමින් ප්‍රවාහනය කළ සැකකරුවන් අට දෙනෙකු රථ වාහන ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ මහආරගම විස්ස යාය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම වැටලීමේදී වැලි පිරවූ ට්‍රැක්ටර් 6ක්, ස්ක්යාවේටර් එකක් සහ ජේ.සී.බී යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසීය.

සැකකරුවන් ඇතිලිවැව, තෙලුල්ල සහ කුඩාඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා කුඩාඔය පොලිසිය වෙත භාර දී ඇත.

සැකකරුවන් අද(26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කුඩාඔය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News