අධික වේගෙන් ආ ත්‍රීරෝද රථය පාසල් බස් රථයක ගැටෙයි

Share

කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

අද(27) උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදිය.

හැටන් සිට කොටගල ප්‍රදේශයේ වතුයායකට ධාවනය වෙමින් තිබු පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථය බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටියේ.

ත්‍රිරෝද රථයේ රියදුරාගේ අධික වේගය අනතුරට හේතු වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය පවසයි.

තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

Read more

Local News