බඩඉරිඟු වගාවට මූවා වී සිදු කළ ගංජා වගාව

Share

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ වීරදන්වල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බඩඉරිඟු වගාවක් තුළ ඉතා සූක්ෂම ලෙස වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබේ.

එම ගංජා හේන වගා කළ සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගංජා හේන අක්කර කාල ප්‍රමාණයේ භූමි ප්‍රදේශයක වගා කර තිබී ඇති අතර එහි ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා පැල විශල ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ අසූව ඉක්මවන බව පොලිසිය පවසයි.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු ඇතිමලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සදහා සියඹලාණ්ඩුව පොලිසිය වෙත භාර දී ඇත.

සැකකරු අද(27) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සියඹලාණ්ඩුව පොලිසිය සහ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News