අමල් පෙරේරා ඇතුළු පිරිස අද අධිකරණයට

Share

ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා හා මුත්‍රා සාම්පල වාර්තා තවමත් ලැබී නොමැති බව මෙම පිරිසත් සමග අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින පවුලේ නීතිඥ ශාබ්ධික වෙල්ලපීලි මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට එම අත්අඩංගුවට පත්වූ පිරිසගේ රුධිර සාම්පල වාර්තා පැමිණ ඇති බවට දැනගැනීමට අති බවත් තමන් එළැඹෙන 02 දා ඩුබායි බලා පිටත්ව යන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය

“තාම වෛද්‍ය වාර්තා ඇවිත් නෑ කිහන එක තමයි දැනගන්නට ලැබුණේ. මුත්‍රා සාම්පල වාර්තාව කොහොමටවත් ඇවිත් නෑ. ඊයේ (27දා) උදෑසන රුධිර සාම්පල වාර්තාව ඇවිත් තිබෙනවා කියලා දැනගන්නට තිබුණා. නමුත් මට තාම මේ දෙදෙනාගේ (අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා) තත්ත්වයන් මොකක්ද කියලා දැනගන්නට ලැබුණේ නෑ.  අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28දා) අධිකරණයට ඉදිරිපත් කරනවා. මම දෙවැනිදා ඩුබායිවලට යනවා”

Read more

Local News