උසස් පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන් වශයෙන් සලකණු ලබන්නේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පාසල්වල අයදුම්කරුවන් පමණක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අනෙක් සියලුම අයදුම්කරුවන් පෞද්ගලික අයදුම්කරුවන් ගණයට අයත් වන බවයි.

ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට උසස් පෙළ විභාගයට මේ වසරේ සිට පෞද්ගලිකව අයදුම් කිරීමට සිදුව ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාගයට අයදුම්පත් එවිමේදී එක් එක් අයදුම්කරුවන් වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු වන අතර එහි ස්ථීර පදිංචි ස්ථානය අයත් ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා අයදුම්කරුගේ පදිංචිය පිළිබඳ තොරතුරු සහතික කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී ඇතැම් අයදුම්කරුවන් පෞද්ගලික ලිපිනය සඳහන් කිරීම වෙනුවට අධ්‍යාපන ආයතනයේ ලිපිනය සඳහන් කිරීම සිදුවන බැවින් ග්‍රාම නිලධාරිවරයාට මුහුණදෙන ගැටළු සහත තත්ත්වය මගහරවා ගැනීම සඳහා මෙවර උසස් පෙළ අයදුම්පත් පිරවිමේදී ස්ථිර ලිපිනය පමණක් සඳහන් කරන ලෙස දැනුම්දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අධ්‍යාපන කොට්ඨාස කාර්යාල අහෝසි කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සදහා කැබිනට් අනුමැතිය හිමව ඇති බවයි.

Read more

Local News