කොස්තාපල්වරයෙක් සියදිවි නසා ගනී

Share

මහරගම පොලිස් ස්ථානය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ වයස අවුරුදු 29 ක් වු පොලිස් නිලධාරියෙක් මෙලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් ස්ථානයේ ආපන ශාලාව අසල දී සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගෙන සියදිවි හානි කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(28) දින සිදු කිරීමට නියමිතව ඇත.

Read more

Local News