පුහුණු තරඟයෙන් ලංකාවට ජය

Share

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරඟයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඔවුන් පන්දුවාර 48කදී සියලු දෙනා දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නායක ලසිත් මාලිංග පන්දුවාර 7කදී ලකුණු 35ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 305ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 307ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

දෙරට අතර පැවැත්වෙන තරඟ පහකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරඟය අනිද්දා ආරම්භ වීමට නියමිතය.

Read more

Local News