ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 6 වැනි ණය වාරිකය දීමට තීරණයක්

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හය වැනි ණය වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ඇ.ඩො.බි. 1.5 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මැනුඑලා ගොරති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14-28 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.

මෙහිදී තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සිදුකරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ.

තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පස්වන සමාලෝචනය 2019 මැයි මාසයේ දී සම්පූර්ණ කිරීමට නියමිත අතර එහිදී එළඹෙන මාර්තු 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැයෙහි විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන් ඇතුළුව මේ පිළිබඳව වැඩිදුරටත් සමාලෝචනය කර ඇත.

Read more

Local News