බිළිඳා ත්‍රීරෝද රියට දමා නිවසට ගල් ගසා මව පළා යයි

Share

මොනරාගල ගොවිදුපුර පොලිස් බල ප්‍රදේශයට අයත් නව කනුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබු ත්‍රීරෝද  රථයක් තුළට ඊයේ(28) දින උපත ලැබූ බිළි‍ඳෙක් දමා මව පලාගොස් තිබේ.

මෙම දරුවා ඊයේ උපත ලබා ඇති බවත් දරුවාගේ පෙකනි වැල පවා කපා නොතිබූ බවට වාර්තා වෙයි.

මෙම බිලිදා නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථය තුලට දමා එම නිවසේ වහලයට ගල් වලින් ගසා එම පිරිස පලාගොස් ඇත.

පසුව නිවෙස් හිමියා ගල් ශබ්දය පිලිබඳව බැලීමට එලියට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයේ කුඩා දරුවෙකු අඩන ශබ්දයක් ඇසි තිරෝද රථය පරික්ෂා කර බලා ඇත.

එහිදී මෙම දරුවා හමු වී ඇති අතර පසුව ගම්වාසීන් සමග එක්ව දරුවා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එම දරුවා පිරිමි දරුවෙකු බවත් දරුවා ඉතාමත්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් රෝහල් ප්‍රකාශිකාවක කියා සිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ගොවිඳුපුර පොලිසිය සිදු කරයි.

Read more

Local News