ජනපති ලේකම් කාර්යාලයට සීමා නිර්ණ කොමිසමෙන් පනත් කෙටුම්පතක්

Share

සියලු මැතිවරණ පැවැත්විමේ සිමානීර්ණ කටයුතු සිමානීර්ණ කොමිසමට ලබාදීම සම්බන්ධයෙන් වන පනත සකස් කිරිමට අදාල කෙටුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබේ.

සීමානිර්ණ කොමිසම් සභාව විසින් අදාල කෙටුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදුන් බව එහි සභාපති කේ. තවලිංගම් මහතා පැවසුවේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ පැවැත්විමේදී පමණක් සීමානිර්ණ කටයුතු කිරීම කොමිසම වෙත පැවරී ඇති කාර්යයක් වේ.

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්විමේදී සීමානීර්ණ කටයුතු සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් සීමානීර්ණ කමිටු පත් කිරිම සිදු කෙරෙන බව සඳහන්.

කෙසේ වෙතත් පවත්වන සියලු මැතිවරණවලදී සීමානිර්ණ කටයුතු  සීමානීර්ණ කොමිසන් සභාව වෙත පවරා ගැනිමේ අවශ්‍යතාවක් මතුව ඇති අතර එමගින් මැතිවරණ පැවැත්විම ප්‍රමාදවිම වලක්වා ගැනිමට හැකි වනු ඇති බව එහි සභාපති කේ. තවලිංගම් මහතා පවසයි.

Read more

Local News