කොලොන්නාවේ පාසල්වල ගුරු පුරප්පාඩු පුරවන බව මරික්කාර් කියයි

Share

බස්නාහිර පළාත් සභාව විසුරුවා හැරිමෙන් පසු ආණ්ඩුකාරවරයාගේ මැදිහත්විමෙන් කොලොන්නාවේ සියලු පාසල්වල ගුරු පුරප්පාඩු පිරවිමට කටයුතු කරන බව එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විට බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක පාසල් සඳහා ගුරුවරුන් ගෙන්වා ගැනිමේ අපහසුතාවක් පවතින බවයි.

කොලොන්නාව ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට එක්වෙමින් එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News