සැකකටයුතු කාන්තා මළ සිරුරක් මුගුණුවටවන ප්‍රදේශයෙන්

Share

පරප්පන්මුල්ල, මුගුණුවටවන ප්‍රදේශයේ වැවක නානමංකඩ අසල සැකකටයුතු ලෙස මියගොස් තිබු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (02) පස්වරුවේ සොයාගත් එම මෘත ශරීරයේ පිළිස්සුම් තුවාල ද දක්නට ලැබෙන බවයි.

එම කාන්තාවගේ අනන්‍යතාවය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

Read more

Local News