අගමැති තිරුපති කෝවිල වන්දනාවට යයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් ඇත.

තිරුපති කෝවිල වන්දනාමාන කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදුකරන අතර අග්‍රාමාත්‍ය ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම රජයේ අමාත්‍යවරුන් හා ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඊයේ (02) පස්වරු 4.35ට පමණ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපලට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස විශේෂ ගුවන් යානයකින් තිරුපති ගුවන්තොටුපල බලා පිටත්ව ගොස් තිබේ.

එහිදී ප්‍රාන්ත බලධාරීන් විසින් ඔවුන් පිළිගෙන ඇති බව වාර්තා වේ.

තිරුපති කෝවිල වන්දනාමාන කරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පිරිස අද (03) පස්වරුවේ යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.

Read more

Local News