විපක්ෂ නායක හා ජවිපෙ අතර අනිද්දා හමුවක්

Share

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අනිද්දා දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

විපක්ෂ නායකවරයා සමඟ පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ නායකයින් සමඟද අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන රුළියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News