විනය පිරිහීමත් සමඟ රට තුළ ස්ථාවරත්වය පිළිබඳ ගැටළුවක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සයකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ ආයෝජිකයින් මෙරටට පැමිණීමට අකමැත්තක් දක්වන බවයි.
කුරුණෑගල මාවතගම සති පොළ විවෘත කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ සිදුකෙරුණේය.