මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මොණරාගල දොඹගවෙල හෙලබඩ රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා තිබේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයේ කුඹුක් දැව කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී සැකකරුවන් විසින් කපන ලද විශාල කුඹුක්ගස් කිහිපයක කුඹුක් දැව කැබලි පනහකට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ අසූවකට වඩා වැඩි බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බුද්ධම සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32, 42 සහ 45 යන වයස් වල පසුවන බව පොලිසිය සදහන් කරයි.
දැව තොගය රාජ්‍ය දැව සංස්ථාව වෙත භාර දී තිබේ.
සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරයි.