නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

Share

ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(05) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුන් කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58, 40 සහ 18 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් පිරිසකි.

ඔවුන් අද අලුයම 3.30 ට සාජා නුවර සිට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයට අයත් ජී.- 9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ “ටොප් මවුන්ටන්” වර්ගයේ රුපියල් 38,94,000 ක් වටිනා, දුම්වැටි 70,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 354 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.

Read more

Local News