එළඹෙන මානව හිමිකම් සැසිවාරයේදි දෙමළ පක්ෂවලින් ඉල්ලිමක්

Share

මෙරට දෙමළ දේශපාලන පක්ෂ 5 ක් විසින් මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් උතුරු පළාත තුළ පිහිටුවන ලෙසට එළඹෙන මාර්තු 18 වැනිදාට ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදි ඉල්ලිමක් කිරීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඊයේ අනාවරණ කළේය.

එම පක්ෂයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් එහි සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා මේ බව කියා සිටියේය.

රජය හා ජනතාව ගැන පැමිණිලි කරන බවට දෙමළ පක්ෂ 5ක් දැනටම ප්‍රකාශ කර ඇති බවත් ඒවා ගැන විමර්ශන කිරීම සඳහා විදේශිය විනිසුරන් අනිවාර්යෙන්  පත් කළ යුතු බවට එම පක්ෂවලින් ඉල්ලීම ද කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම එතනින් තවත් පියවරක් ඉදිරියට ගොස්  උතුරු ප්‍රදේශය විශේෂ කොමසාරිස් කෙනෙක් හා මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් පිහිටුවන්න ලෙසත් ඒ කොමිසමේ වාර්තාව මාස 6 ක් තුළ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලෙසත් දෙමළ පක්ෂ ඉල්ලීම් කර ඇති බව ජි.එල්.පීරිස් මහතා පෙන්වා දෙයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතව තිබියදි රජය ඒ සඳහා අවධානය යොමු කර නොමැති බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News