මධූෂ් කොල්ලකෑ කෝටි 500ක් වට්නා දියමන්තිය මෙන්න (ඡායාරූප)

Share

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04) සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අදාළ දියමන්තිය හා රුපියල් කෝටි දෙසියයකට අධික මැණික් තොගයක් පසුගිය නොවැම්බර් මස 05 වැනිදා ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකෑමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලට අනුව දියමන්තිය සමග ඉන්දික සම්පත් නොහොත් ‘කැවුමා’ නමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ‘කැවුමා’ නමැත්තා විසින් කුලී පදනම මත ලබාගෙන තිබූපානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී මෙම දියමන්තියට අමතරව ජංගම දුරකථන 126ක් හා පවුම් හතළිහකට අධික රන් ආභරණ තොගයක් සොයාගෙන ඇත.

එමෙන්ම සැකකරු ආරක්‍ෂිතව සැඟව සිටීම සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ කටුබැද්ද ප්‍රදේශයේ නිවසක තිබී විවිධ වර්ගයේ ජීවඋණ්ඩ 647ක්, ජීව අත්බෝම්බයක්, අත්විලංගු 03ක්,යුද හමුදා හා පොලිස් නිලඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සොයාගෙන තිබේ.

මීට අමතරව සැකකරු ස්ථිරව පදිංචිව සිටිපිටිගල ප්‍රදේශයේ නිවස හා ඉඩම පරීක්‍ෂා කිරීමේදී එම නිවස පිටුපස කොටසේ වළදමා තිබූ රුපියල් ලක්‍ෂ එකසිය පනහක මුදලක් ‌‌සොයාගත් බවත්,අදාළ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් හා ‘මාකඳුරේ මධුෂ්’ නමැත්තා එවා තිබූ මුදල් බවට තොරතුරු වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

‘කැවුමා’ නමැත්තා සිදුකළ අපරාධ සිද්ධිවලට අදාළව 2005 වසරේ සිට වසර දහයක කාලයක්සි රගතව සිට තිබෙන බවට තහවුරු වී තිබෙන බවත්,සැකකරුට එරෙහිව හලාවත, කළුතර,ගම්පහ සහ කොළඹ මහාධිකරණවල නඩු පවතින බවත් ඒ මහතා පැවසීය.

සැකකරු සිරගතව සිට නිදහස් වීමෙන් පසු ‘මාකඳුරේ මධුෂ්’ නමැත්තාගේ අපරාධ මෙහෙයවීම හා මත්ද්‍රව්‍ය ජාවාරමට උදවුකිරීම භාරගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

‘මාකඳුරේ මධුෂ්’ නමැත්තා බස්රථ රියැදුරෙකු ලෙස හා ‘කැවුමා’ නමැත්තා‍ බස්රථ කොන්දොස්තරවරයෙකු ලෙස එකට සේවය කර තිබෙන බවත්,2017 වසරේදී උතුරු කළුතර ප්‍ර‘දේශයේදී බන්ධනාගාර බස්රථයට වෙඩි තැබීමේ සිද්ධියට හා පිළියන්දල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ  නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිවලට මෙම සැකකරු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාළ දියමන්තියඑහි හිමිකරුට ලැබුණු ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර,ඒ පිළිබඳවද පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

රුපියල් කෝටි පන්සියයකට අධික වටිනාකමින් යුත් දියමන්තිය හා රුපියල් කෝටි දෙසියයකට අධික මැණික් තොගය සොරාගැනීම පිළිබඳ විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම්පසුගිය 01 වැනිදා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව පිටිගල,ගොඩාමුණ ප්‍රදේශයේ පදිංචි කැලුම් ඉන්දික නොහොත් ‘කැවුමා’ නමැත්තා පිළිබඳ තොරතුරු හෙළිවතිබූ බවත්,දියමන්තිය හා මැණික් කොල්ලකෑමෙන් පසු අදාළ කණ්ඩායම පිළියන්දල ප්‍රදේශයේ ඇවිදින මංතීරුවකදී ‘කැවුමා’ නමැත්තාට එම දියමන්තිට හා මැණික් තොගය ලබාදී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෙඩි නොවදින බවට පවසමින් සුරයක් පැලඳ සිටි බවත්,මෙම සුරය මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්‍ෂ තිස්හතක මුදලකට බව විමර්ශනවලදී හෙළිව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ යපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ,කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතාගේ පූර්ණ මෙහෙයවීම යටතේ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මෙම වැටලීම සිදුකර තිබිණි.

Read more

Local News