නව අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.