පොහොට්ටුවේ නව සන්ධානය බිහිවීමේ සාකච්ඡාව ලබන 14 වන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බිහිවන නව සන්ධානය සම්බන්ධයෙන් ලබන 14 වන දින සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ එම සාකච්ඡාවල ප්‍රගතිය අනුව නව සන්ධානය කඩිනමින් බිහි කිරීමට පියවර ගන්නා බවය.

කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.