අංගම්පොර ජාතික උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය

Share

අංගම්පොර කලා ශිල්ප සංරක්ෂණය කොට ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රි ලංකීක ජාතියට එල්ල වු විදේශ ආක්‍රමණ ජය ගැනීම සඳහා දේශීය සටන් ක්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්ප හා අංගම්පොර සටන් ශිල්පීන් වෙතින් ලද දායකත්වය ඉහළයි.

ශ්‍රී ලාංකීය ඉතිහාසය ලොව හමුවේ තැබිය හැකි අනන්‍ය වු ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්පය අනාගත පරපුර සඳහා සුරක්ෂිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

එබැවින් අංගම්පොර සටන් ශිල්පය තහනම් කරමින් ඉංග්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් 1817 දී නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත්, එම සටන් කලාව හා ඒ ආශ්‍රිත කලා ශිල්ප ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News