කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට නාවික හමුදා සහය

Share

ඊයේ(06) රාත්‍රී 10.30 ට පමණ පුත්තලම, කරඹ පෙරියතිව් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.7 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව පුත්තලම, පොලිසිය සහ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

ඒ අනුව, මෙම කේරළ ගංජා තොගය කැබ් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර පුත්තලම, කරඹ පෙරියතිව් ප්‍රදේශයේ මාර්ගයක් අසල එම කැබ් රථය නවතා දමා සැකකරුවන් පළාගොස් ඇත.

වැඩිදුර පරික්‍ෂණ පුත්තලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News