ජයවර්ධනපුර සරසවිය යළි විවෘත වෙයි

Share

වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද (07) යළි විවෘත කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණිමට ඊයේ (06) පස්වරුවේ දැනුම් දුන් බවය.

නවක වධ සිද්ධියක් මුල්කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය පසුගිය 21 වැනි දා දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

පසුගිය කාලය පුරා කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යේෂ්ඨ සිසුන් විසින් වාචිකව නවක වදය ලබාදුන් බවට පැමිණිලි ලැබී තිබූ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

Read more

Local News